Posts

Power cut new update - 09/08/2022

විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බැවින් ගල්අඟුරු තිබෙනම් එලඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් එම කොමිසමේ සභාපති, ජනක රත්නාක මහතා පවසා සිටියේ, මේ වනවිට විදුලිය සඳහා ඇති ඉල්ලුම අඩුවී ඇති බවය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා, ‍ "පසුගිය සතිය ඇතුළත අපි කව්වාට දෛනික විදුලි කප්පාදුව පැයක් කියලා ඒ පැයවත් කැපුවේ නැහැ. පසුගිය 03 වනදා ඉඳන් අද දක්වා විදුලි කප්පාදුවක් නැහැ. ඒකට හේතුව තමයි අපිට තිබෙන විදුලිය සඳහා ඉල්ලුම අඩුවෙලා තියෙන්නේ. ඒ නිසා විදුලි කප්පාදුවක් සිදුවෙන්න ඕනේ නැහැ. 05 වනදා සැපයුම වැඩිවෙලා. අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනනය කිරීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරි මාස දෙක තුන ඇතුළත මේ ගල්අඟුරු ප්‍රශ්නය ආවේ නැත්නම් දෛනික විදුලි කප්පාදුව පැයක් තියෙනවා කිව්වොත් ඒ පැය කරන්නෙත් නැහැ. ඒ තිබෙන අවශ්‍ය ජල ප්‍රමාණය, ඒ වගේම ගල්අඟුරු ප්‍රමාණය තියෙනවා නම් එලඹෙන දෙසැම්බර් මාසය වෙනතුරු විදුලි කප්පාදුවකට යෑමේ අවශ්‍යතාවට ඇතිවෙන්න

ඇයි මෙි රටේ විදුලිය විසන්දි කරන්නේ - 2022/02/23

Image
News...!  අද දිනයේත් පැය 4 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ. ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමට අනුව මහජන උපයෝගීතා කොමිසම ද ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ. මේ අනුව A B හා C කලාප සඳහා පැය 4 යි විනාඩි 40 කුත් සහ අනෙකුත් කලාපවලට පැය 4 යි විනාඩි 30 කුත් විදුලිය කප්පාදු කරනු ඇති. විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ, මෙගාවොට් 541 ක බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග නොමැතිවීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි. ඩිසල් නොමැතිවීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට කෙරවලපිටිය බලාගාරයේ විදුලිය නිෂ්පාදනය ඇන හිටි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, කැලණිතිස්ස, බලාගාරයට ඩීසල් නොමැතිවීම හේතුවෙන් මේ වන විට විදුලිය නිෂ්පාදනය නතර කර ඇති බවයි. මේ අතර ඊයේ සිට සපුගස්කන්ද බලාගාරයට දැවිතෙල් පොම්ප කරන බව ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ ය. ඔහු පැවසුවේ, අද දිනයේ එම දැවිතෙල් මගින් විදුලිය නිෂ්පාදනය කළ හැකි බවයි. මේ අතර උද්ගතවී ඇති විදුලිය සහ තෙල් අර්බුදය පිළිබඳව විශේෂ කැබිනට් හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්විණ වැඩිදුර තොරතුරැ සදහා පිවිෙසන්න Click මෙතන ඔබන්න විදුලිය කප්පාදු සිදුකරන ක