ඇයි මෙි රටේ විදුලිය විසන්දි කරන්නේ - 2022/02/23
- Get link
- Other Apps
News...!
අද දිනයේත් පැය 4 කට අධික කාලයක් විදුලිය කප්පාදු කිරීමට සැලසුම් කර තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය සිදු කළ ඉල්ලීමට අනුව මහජන උපයෝගීතා කොමිසම ද ඒ සඳහා අනුමැතිය ලබාදී තිබේ.
මේ අනුව A B හා C කලාප සඳහා පැය 4 යි විනාඩි 40 කුත් සහ අනෙකුත් කලාපවලට පැය 4 යි විනාඩි 30 කුත් විදුලිය කප්පාදු කරනු ඇති.
විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කළේ, මෙගාවොට් 541 ක බලාගාර සඳහා ප්‍රමාණවත් ඉන්ධන තොග නොමැතිවීමෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි.
ඩිසල් නොමැතිවීම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට කෙරවලපිටිය බලාගාරයේ විදුලිය නිෂ්පාදනය ඇන හිටි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.
එහි මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ, කැලණිතිස්ස, බලාගාරයට ඩීසල් නොමැතිවීම හේතුවෙන් මේ වන විට විදුලිය නිෂ්පාදනය නතර කර ඇති බවයි.
මේ අතර ඊයේ සිට සපුගස්කන්ද බලාගාරයට දැවිතෙල් පොම්ප කරන බව ඇන්ඩෲ නවමුනි මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, අද දිනයේ එම දැවිතෙල් මගින් විදුලිය නිෂ්පාදනය කළ හැකි බවයි.
මේ අතර උද්ගතවී ඇති විදුලිය සහ තෙල් අර්බුදය පිළිබඳව විශේෂ කැබිනට් හමුවක් ඊයේ පස්වරුවේ පැවැත්විණ
වැඩිදුර තොරතුරැ සදහා පිවිෙසන්න
- Get link
- Other Apps
Comments
Post a Comment